නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇඟිලිගහන්නේ නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයේදී ඉන්දියාව ශ්‍රී ලංකා දේශපාලන නායකයින්ට බලපෑම් එල්ල කළා යැයි පළවන පදනම් විරහිත මෙන්ම අනුමාන මත පළ වී ඇති මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එසේ පළ කර ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

ස්ථාපිත කර ඇති ව්‍යවස්ථාපිත ආයතන ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ වටිනාකම් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට අනුකූලව ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව සෑම අවස්ථාවකදීම සහාය ලබා දෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නැවත වරක් අවධාරණය කරන බව එම නිවේදනයේ දැක්වේ.

ඉන්දියාව තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට කිසිම විටකත් මැදිහත් නොවන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්