නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්රහිම්හි මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරයේ දී දෙරටට බලපාන මෙන්ම කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිතය.
හෙට සහ අනිද්දා දෙදින මාලදිවයිනේ පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.
මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්.රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිව ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරයි.