නවතම පුවත්

අග්‍රහාර කියා පෙන්ෂන් එකෙනුත් කපන චක්‍රලේඛය අත්හිටුවයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

විශ්‍රාමිකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම පුළුල් කිරීම සඳහා පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛය සමාජය තුළ මතුව ඇති විරෝධතා හේතුවෙන් යළි දැනුම් දෙන තෙක් තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය සේවා, පළාත්‌ සභා හා පළාත්‌ පාලන අමාතාංශ ලේකම්වරයා දැනුම් දෙයි.

2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූ චිශ්‍රාමිකයන්‌ සඳහා මෙන්ම වයස 70ට වැඩි විශ්‍රාමිකයන්‌ සඳහා විශේෂ සහන ලබා දීම අරමුණු කර ගනිමින් 2021.10.29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2005 (VIII)  මෙලෙස නිකුත් කර තිබුණි.

මතුවු විරෝධතා පිළිබඳව සලකා බලා අදාළ සියලු පාර්ශ්වයන්‌ සමඟ නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක්‌ ගන්නා තෙක්‌ උක්ත චක්‍රලේඛ විධිවිධාන ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන බවට ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්‌, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්‌, පළාත්‌ ප්‍රධාන ලේකම්වරුන්‌, දෙපාර්තමේන්තූ ප්‍රධානීන්‌, දිස්ත්‍රික්‌ ලේකම්වරුන්‌, ප්‍රාදේශීය ලේකම්වරුන්‌ වෙත දන්වා තිබේ.

ඉහත ප්‍රතිලාභය ලබාගැනීමට අකමැත්ත පළ නොකරන සියලු දෙනා ප්‍රතිලාභීන් ලෙස සළකා අවුරුදු 70ට අඩු නම් රුපියල් 400ක් ද අවුරුදු 70ට වැඩිනම් රුපියල් 600ක මුදලක් ද මාසිකව විශ්‍රාම වැටුපෙන් කපාහැරීමට එම චක්‍රලේඛය සකසා තිබුණි. එමෙන්ම මෙම රක්ෂණ ප්‍රතිලාභය විශ්‍රාම වැටුප හිමි පුද්ගලයාට පමණක් හිමිවන අතර ඔහුගේ/ඇයගේ ඇවෑමෙන් එය හිමිවන කාලත්‍රයාට අනත් දරුවාට හෝ ආබාධිත දරුවන්ට මෙය හිමිනොවන පරිදි එය සකස් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්