නවතම පුවත්

අගෝස්තු මාසයෙත්,ඩොලර් බිලියනයක අපනයන අදායමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව , පසුගිය අගෝස්තු මාසයේදී  ඩොලර් බිලයන 1 ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් හිමිකරගෙන ඇති බව වාර්තාවේ .

ඒ අනුව 2020 අගෝස්තුවට සාපේක්ෂව පසුගිය අගෝස්තුවේ අපනයන ආදායම 14.4 % කින් ඉහල ගොස් ඇත .

රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 947.2 ක වටිනාකමට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනය‍යේ ඉපැයීම් 2021 අගෝස්තු මාසයේදී 1 අමෙරිකානු ඩොලර් මිලියන 1,083.56 ක් දක්වා වර්ධනය වී තිබේ.

මීට පෙර මේ වසරේ මාර්තු, ජුනි සහ ජූලි මාසවලද , ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,000ක අපනයන සීමාව පසුකර ගියේය

මේ ආර්ථික පදනම ස්ථාපිතව ඇත්තේ රට තුළ සහ ගෝලීයව කොවිඩ් 19 හේතුවෙන් පවතින සීමා කිරීම් තුළ වීම විශේෂිතය.

2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 2021 අගෝස්තු මාසයේ දී යුරෝපා කලාපයට යවන ලද අපනයනයන් සමස්ත අපනයනයෙන් 22.97%ක් වශයෙන් ද, මැදපෙරදිග රටවල් සඳහා 4.8 %ක ප්‍රමාණයක් ද, අප්‍රිකානු කලාපය සඳහා 2.7.% ක් ද වශයෙන් සමස්ත අපනයන බෙදා දැක්විය හැකිය එසේ ම ඇමරිකා එක්සත් ජනපදයට 25.3%, එක්සත් ජනපදයට 7.3% ක් ද වශයෙන් අපනයන සිදුකර තිබේ.

වැඩිම අපනයන ආදායම ඇඟලුම් අංශයෙන් ලැබී ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 491.5 ක් වේ. එසේම තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 116.78 ක ආදායමක් උපයාගෙන තිබෙන අතර, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.34 ක් ද ලැබී ඇත. එසේ ම අපනයන ආදායම සඳහා ඉහළ දායකත්වයක් දුන් අංශ අතර අමෙරිකානු ඩොලර් මිලියන 73.95 ක් සටහන් කරමින් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්