අගෝස්තු මාසයේ උද්ධමනය 2.1% කින් පහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1%ක් දක්වා පහළ බැස තිබේ. 2023 ජූලි මාසයේදී මෙරට උද්ධමනය වාර්තා වූයේ, 4.6%ක් ලෙසයි. 2023 ජූලි මාසයේදී 2.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනයද 2023 අගෝස්තු මාසය සඳහා -5.4%ක් දක්වා පහළ වැටී ඇත.

එමෙන්ම, ජූලි මාසයේදී 10.9%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනයද අගෝස්තු මාසයේදී 9.0%ක් දක්වා පහළ වැටී තිබේ.