අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනයක් (video)

Picture of අසංක

අසංක

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනයක් සැපයීමට ක්‍රමවේදයක් සකස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සඳහා විදුලිය ලබාගැනීමට සූර්යය පැනල හා බැටරි සවි කරදීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

මෙමගින් එම පවුල්වලට විදුලි බිලට සහනයක් ලබාදිය හැකි මෙන්ම රජයට ඔවුන්ගේ විදුලිය සඳහා යන වියදම ශුන්‍ය කරගත හැකි බව ද අමාත්‍යවරයා කීය.

YouTube player