නවතම පුවත්

ජාතික එකඟතා රජයකට පොහොට්ටුව එකඟවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික එකඟතා රජයක් පිහිටුවීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පල කළ බව එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා පත් කෙරුණු ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කමිටුව පවසනවා. එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් සමග අද පැවති සාකච්ඡාවේ දී එම එකඟතාව පල වූ බවයි.

ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කමිටුව නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සාකච්ඡාවට එක් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී එල් පීරිස්, සාගර කාරියවසම්, වෛද්‍ය රමේෂ් පතිරණ, සංජීව එදිරිමාන්න යන මැති ඇමතිවරුන් සාකච්ඡාවට එක්ව තිබෙනවා.

ඉදිරියේ දී සෙසු දේශපාලන පක්ෂ සමඟ ජාතික එකඟතා රජයක් බිහිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා වැඩිදුරටත් සදහන් කළේ.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදීයි. සාකච්ඡාව ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක් වුණා. සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්