අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් 100000කට අධික රැකියා අවස්ථා සැලසීමට හැකි වන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්, රජයේ දෙපාර්තමේන්තු වශයෙන් ස්ථාපිත කිරීමට රජය පියවර යොදා ඇත.
ජනාධිපතිවරයා විසින් මේ සම්භන්ධව ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
මීට අදාළ බඳගැනීම විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 දින වන විට එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැලසුම් කර ඇත.