නවතම පුවත්

රාජ්‍ය ආයතනවල ලොකු පුටු ලබන සතියේ පිරෙන ලකුණු

අසංක

අසංක

රාජ්‍ය ආයතන සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබේ.

ඒ අදාළ පත්කිරීම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ සය පුද්ගල කමිටුව විසිනි.

රාජ්‍ය ආයතන 40 ක පමණ මෙම නම් නිර්දේශ කර ඇත.

ඒ අනුව ලබන සතිය වන විට ආයතන රැසකට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට හැකිවනු ඇත.

එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බව පැවසේ.

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් පත් කිරීම සඳහා ඉහත කමිටුව පත් කර තිබුණි.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ව්‍යවසායවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි, ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා පසුගිය දා අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දුන්නේ ය.

ඒ, අදාළ ආයතනවලට සුදුසුකම් ඇති අය පමණක් පත් කරන්නැයි ජනාධිපතිවරයා කරන ලද නියමයට අනුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්