අත්අඩංගුවට ගත් කිලෝ 200ට වැඩි මත්ද්‍රව්‍ය තොගය හිමිකරු ගැන හෙළිවෙයි

Picture of අසංක

අසංක

මීගමුවේදී නාවික හමුදා, බුද්ධි අංශ සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික තොගයේ ද පසුගිය මාසයේ ඉරණමඩු ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය අයත් ඩුබායිහි සිටින ජාවාරම්කරුටම අයත් ඒවා බවට අනාවරණය වී තිබේ.

මේවා සමග සැකකරුවන් 4දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 126.784ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 88ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.