අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ 2ක ඇපයක් මත නිදහස් කර තිබේ.
ඒ අද ඔහු කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
—————–
අත්අඩංගුවට ගෙන සිටින, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වනවිට අධිකරණයට රැගෙන යමින් සිටියි.
අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ ප්රශ්න කිරීම සඳහායි.
ප්රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
2017.04.11 දින ආගමික කටයුත්තකට සහභාගි නොවුණු බවට පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානයේ ක්රියාකරමින් සිටි පොලිස් නිලධාරි සමරකෝන් බණ්ඩා මහතාට පහර දීමේ සිද්ධියට පොලිස්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත