නවතම පුවත්

අත්අඩංගුවට ගත් මහින්ද-නාමල්-දුමින්ද-සමන්තට ඇප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොරෝනා වසංගත තත්ත්වය නිසා ජනතාව ඒකරාශී වන අයුරින් උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්වීම සිදුනොකරන ලෙසට දැනුම් තිබෙන පසුබිමක් තුළ නිරෝධායන නීතිය ද උල්ලංගනය කරමින් විරෝධතා පැවැත්වූ දේශපාලන, සිවිල් ක්‍රියාකාරීනන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. එහෙත් ඇතැම් පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට ද අධිකරණයෙන් නියෝග ලැබී තිබුණි.

කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඊයේ (7) නියෝග කළේය.

මෙම සැකකරුවන් දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගන්නා බව මෙහිදී කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට දැනුම් දුන් බැවින් ඔවුන් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය රැගෙන ගොස් නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.

මේ අතර, පසුගිය දා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බදුල්ල – බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුලු පස්දෙනා ද ඇප මත මුදා හැරුණි.

එසේම, මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. බලාගාරයට එරෙහිව ඊයේ පැවති විරෝධතාවක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එම තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට නියෝග කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්