අත්අඩංගුවට ගන්න එපා කියා රාජිත ඉල්ලු ඇපය ප්‍රතික්ෂේප වෙයි

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අද ඒ පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා හමුවේ පැය එකහමාරක කාලයක් කරුණු විභාග කිරීමෙන් අනතුරුව මෙම අයැදුම ප්‍රතික්ෂේප කර ඇත.

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා මෙම අපේක්ෂිත ඇපය ඉල්ලා තිබුණි.