නවතම පුවත්

අත්‍යාවශ්‍ය ඖෂධ හා එන්නත් වර්ග 10ක් තව සතියකින් කල් ඉකුත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් වර්ග 10 ක තොග තවත් සතියකින් අවසන්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් එන්නතක් වන්නේ ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගයට ලබාදෙන “රේබීස්” නම් එන්නතයි. මෙම එන්නත සියලු රෝහල්වල පාහේ භාවිතයට ගැනෙනවා. එය මෙරටට අත්‍යවශ්‍යම එන්නතක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ට ලබාදෙන එන්නතක් ද තවත් සතියකින් අවසන් වීමට නියමිතයි. එම එන්නත ද අනිවාර්්‍යයෙන්ම මෙරට දැඩිසත්කාර ඒකක ක්‍රියාත්මක රෝහල්වලට අත්‍යවශ්‍යව පවතිනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ආනයනය කිරීමට වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්