නවතම පුවත්

අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් කැඳවිය යුත්තේ සතියට දින 2යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාත තුළ ,අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එයද එම නිලධාරියාට / සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී පමණක් බවද ඔහු සඳහන් කරයි.

පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි  ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු යැයිද ඔහු පවසයි..

එසේම පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමඟ කටයුතු කළ යුතු බවත් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට  උනන්දු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්