අතිරික්ත එළවළු-පලතුරු තොග රජයෙන් මිලට අරන් රෝහල් සහ රැකියා අහිමි පවුල්වලට නොමිලේ දෙයි

economic centres
Picture of අසංක

අසංක

රට පුරා කොවිඩ්‌ සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු භා පළතුරු තොග රජය මගින්‌ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එසේ මිලදී ගනු ලබන එළවළු භා පළතුරු තොග සංචරණ සීමා අවසන්‌ වන තෙක් කොචිඩ්‌ ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලුම රජයේ රොහල්‌, ත්‍රිවිධ හමුදාවන්‌ හා අවතැන්‌ කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශාතාව පරිදි නොමිලේ ලබා දීමට වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට මෙලෙස රජය පියවර ගෙන ඇත.

රජය විසින්‌ දීපව්‍යාප්තව පනවන ලද සංචරණ සීමා හේතුවෙන්‌ සිය නිෂ්පාදිත විශේෂයෙන්‌, එළවළු සහ පළතුරු සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කිරීමට හා වෙළඳාම්‌ කිරීමට නොහැකි වීම මත විනාශ වීම හේතුවෙන්‌ සුළු හා මධ්‍ය පරිමාණ ගොචීන්‌ මෙන්ම මහා පරිමාණ ගොවීන්‌ ද විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව පෙනී ගොස්‌ ඇතැයි රජය කියයි.

තවද, පාරිභෝගිකයා ද සාධාරණ මිලකට සුදුසු එළවළු හා පළතුරු භිභ වීමේ ගැටළුවකට මුහුණ දී සිටී.

ඒ අනුව, සංචරණ සීමා පවතින අවස්ථාවලදී අළෙවි කරගත නොහැකිව පවතින එළවළු හා පළතුරු තොග දිස්ත්‍රික්‌ මිල කමිටුවේ මීල ගණන්‌ යටතේ දිස්ත්‍රික්‌ ලේකම්වරුන්‌/දිසාපතිවරුන්‌ මඟින්‌ මිලදී ගැනීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත්‌ කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය වීසින්‌ අනුමත කරන ලදී.