නවතම පුවත්

අදට යෙදෙන පොසොන් පොහොයේ අගමැති නිවසේදී පෙහෙවත් සමාදන් වෙයි

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව අගමැතිවරයා සිය පොසොන් පෝ දින පණිවුඩය ඔස්සේ ද පෙන්වා දී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන අගමැතිවරයා පෙහෙවත් සමාදන් කරවීම සිදුකරන ලද්දේ තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්