නවතම පුවත්

අදත් කොරෝනා මරණ 4ක්

අසංක

අසංක

තවත් කොවිඩ් මරණ 4ක් අද (22) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 87කි.

අද වාර්තා වූ මියගිය පුද්ගලයන් මෙසේය.

01. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනවිට මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 21 වනදාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

02. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 20 වනදාය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහළු රෝගයක් කොවිඩ් හේතුවෙන් උත්සන්න වීමය.

03. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 21 වනදාය. මරණයට හේතුව කොවිඩ් -19 සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි .

04. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ සිට IDH රෝහල වෙත ඒවා ඇත. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී නොවැම්බර 22 දින මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්