නවතම පුවත්

අද ඇරඹූ මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට පරිසර සහතික නැතැයි චෝදනා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට අද (24) ඉදිකිරීම් ආරම්භ කල මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට සහ කොන්ක්‍රීට් අංගනයට විධිමත් පරිසර සහතික නොමැති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටී.

ඒ අනුව රජය වහාම ජනතාවට බොරැකීම හා මෙරට පරිසර විනාශ කරන වැඩපිළිවෙල නවතා දැමිය යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී.

මෙම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

අද දින හම්බන්තොට මිරිජ්ජවිල මුල්ගල් තබනු ලබන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය(රජය පවසන පරිදි සිමෙන්ති කම්හල) පිළිබදව වන සත්‍ය කතාව අප සංවිධානය විසින් හෙලිදරව් කිරීමට තීරණය කල අතර එසේ කිරීමට අප තීරණය කළේ නිදහස් පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය ප්‍රමුඛම පාරිභෝගික අයිතියක් වන නිසා හා යහපාලන ආණ්ඩුවේ මහා බොරුව රටට නිරාවරණය කල යුතු නිසාමය.
මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ Accor Group Company යන සමාගම හා ඉන්දියාවේ තමිල්නාඩු සමාගමක් වන Silver Park International (Pvt) Ltd. සමාගම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට සම්බන්ධකමක් ඇති මෙරට සමාගමක් වන Lanka Oil Refinery Ltd සමාගම සමග එක්ව තෙල් පිරිපහදුවක් සදහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.එහෙත් එම අවස්ථාවේ රජය ප්‍කාශ කළේ Lanka Oil Refinery Ltd සමාගමට තෙල් සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බවයි. එම හේතුව නිසාම එම ව්‍යාපෘති යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.
පසුව සිංගප්පූරු වේ පිහිටා ඇති Silver Park International (Pvt) Ltd සමාගම Oman Oil and Gas Company සමග එක්ව හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය සදහා වන යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ වහාම ආයෝජන මණ්ඩලය විසින් එම යෝජනාව පිළිගන්නේ නම් පරිසර සක්‍යතා වාර්තාවක් කැදවනු ලබයි. නැතහොත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හා වෙනත් ආයතන එක්ව තාක්ෂණික කමිටුවක් මේ සදහා පත්කරනු ලබයි. එහෙත් අනීතික ආකාරයට ආයෝජන මණ්ඩලයට බලපෑම් කළ Lanka Dockyard ආයතනයේ නිළයක් දැරෑ හා වර්තමානයේ ආයෝජන මණ්ඩලයේ නිළයක් දරන පුද්ගලයෙක් අමාත්‍ය මලික්සමරවික්‍රම බලපෑම යටතේ ඉහත කී යෝජනාව පිළිගෙන පරිසර සක්‍යතා වාර්තාවක් කැදවන්නේ නැතිවම අද දින උක්ත ආයෝජන ගිවිසුමට අත්සන් කරන්නේ නීති විරෝධීවය.

පරිසරයට බලපාන අධිසංවේදී කාරණයකදී පරිසර සක්‍යතා වාර්තාවක් අනිවාර්ය වන අතර කලාපයට පමණක් කරන මූලික පරිසරයක් කිසිවිටකත් ප්‍මාණවත් නොවේ. මෙම ව්‍යාපෘතිය සදහා මේ වන විට ඇත්තේ පසුගිය රජය විසින් කලාපයට කරන ලද මූළික පරිසර වාර්තාවක් පමණි. හම්බන්තොට නගර සභාවේ අනුමැතිය පවා හිමිව නැත.
මෙම තෙල් පිරිපහදුව නිසා සංචාරක ආකර්ෂණයක් ඇති තංගල්ල, උණවටුන, හික්කඩුව යන වෙරළ තීරයෙන් විනාශ වීමට ඇති ඉඩකඩ.
කොළඔ වරාය නගර සැළැස්ම ආරම්භක අවස්ථාවේ දී රනිල් විකමසිංහ ප්‍කාශ කළේ පරිසර සක්‍යතා වාර්තා නැති නිසා එම ව්‍යාපෘතිය නවතා දමන බවයි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍ය ධූරය දරන වර්තමාන රජය විසින් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ ආයෝජන ගිවිසුමට අද දින අත්සන් කරන්නේ සහ මුල්ගල් තබන්නේ කිසුදු පරිසර අනුමැතියකින් තොරව වීම යහපාලනයේ මහ‌ා බොරැව හා දෙබඩි බව මුලු ලෝකයටම කියාපාමිනි.
නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්තිවරයා සදහන් කරන්නේ මිරිජ්ජවිල ඉදිකරන්නේ සිමෙන්ති කම්හලක් බවයි. එය සිමෙන්ති කම්හලක් නොව කොන්ක්‍රීට් අංගනයකි. ශී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 16 වගන්තියයට වැටෙන ව්‍යාපෘතියක් වගන්ති අංක 17 යටතේ වන අනුමැතියක් ලබා දීමට මැදිහත් වන්නේමලික්සමරවික්‍රම ඒ අනුව විශාල බදු සහන රැසක් උක්ත සමාගමට ලැබේ. ඔහුන්ගේ ආරම්භයත් සමග මෙරට කොන්ක්‍රීට් කර්මාන්තයේ නියැලෙන සමාගම් වසා දැමීමට සිදුවේ.
කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට බොරැකීම හා මෙරට පරිසර විනාශ කරන වැඩපිළිවෙල වහා නවතා දමන ලෙසය.
විල්පත්තුව හා සමානව මෙරට මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන අනුමත පරිසර සක්‍යතා වාර්තාවක් නොමැතිව ඉදිකිරීමට සූදානම් වන තෙල් පිරිපහදුවට එරෙහිව අප සංවිධානය විසින් අධිකරණය වෙතද යන්නෙමු.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි