නවතම පුවත්

අද උදෑසන වන විට ලංකාවේ කොරෝනා තොරතුරු දත්ත වාර්තාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259 ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 ක් ලෙස වාර්තා වේ.

අද (25) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,432 ක් වේ. ඉන් පුද්ගලයින් 11,156 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර – 3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර – 14,373

ඊයේ (24) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,965 ක් වන අතර ඉන් පුද්ගලයින් 14,961 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (24) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,910 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 465 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (25) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් ගිනිගත්හේන‍්, සියඹලාපේ දකුණ, කොළඹ 15 සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (25) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (25) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක්, UL 226දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 ක්, UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 92 ක් සහ UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 53 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද (25) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් තුළ පුද්ගලයින් 4,797 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (24) දිනය තුළ PCR පරික්‍ෂණ 7,467 ක් සිදුකර ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්