අද උදෑසන සිට හුදකළා වන ප්‍රදේශ මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8 කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත සනහන් කර ඇත

ඒ අනුව මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය : මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A , කේසී සිල්වා 70 B

කටාන පොලිස් බලප්‍රදේශයේ: කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය , කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ : සේදවත්ත – මහ පමුණුගම කොටස, කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ , නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

අම්පාර දිස්ත්‍රික්කය : දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ –
නවමැදගම – නවමැදගම කොටස, බක්මීදෙණිය – රන්හෙළගම කොටස, සේරුපිටිය – සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කය : රත්නපුර පොලිස් බලප්‍රදේශය –
අංගම්මන 182 C

කළුතර දිස්ත්‍රික්කය : මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ –
පලන්නොරුව 604 , කේරළගම 604 , කුඹුක බටහිර 607 A

හොරණ පොලිස් බලප්‍රදේශය : නර්තනගල 616C

මොනරාගල දිස්ත්‍රික්කය : මොනරාගල පොලිස් බලප්‍රදේශය : බෝහිටිය