නවතම පුවත්

අද කොවිඩ් මරණ 7 යි – සමස්තය 615 දක්වා ඉහළට

අසංක

අසංක

කොවිඩ්‌- 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07 ක්‌ අද තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොවිඩ් රෝගී මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද තහවුරු වූ මියගිය කොවිඩ් රෝගීන්ගේ විස්තර පහත දැක්වේ.

01. පස්යාල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 අප්‍රේල්‌ 14 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ ආසාදනය, නිධන්ගත වකුගඩු රෝගය, දියවැඩියාව, හෘද රෝගය සහ ඇදුම රෝගයයි.

02. රත්නපුර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, උග්‍රශ්වසන අපහසුතාව, නිධන්ගත
වකුගඩු ආබාධය සහ හෘද රෝගී තත්ත්වයයි.

03. කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කඹුරුපිටිය මූලික රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 10 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීමේ කම්පනය, දියවැඩියාව සහ නිධන්ගත වකුගඩු රෝගයයි.

04. කලවාන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. කලවාන මූලික රෝහලේ සිට
කොවීඩ්‌ 19 ආසාදිකයෙකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 10 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ඇදුම රෝගය, අයි රුයිර පීඩනය සහ පෙනහළු කරා රුධිර සැපයීම අඩාලවීමයි.

05. තොන්ඩයිමනරු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේදුරුතුඩුව මූලික රෝහලේ සිට කොවිඩ්‌ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 11 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීම, නිධන්ගත වකුගඩු රෝගය සහ දියවැඩියාවයි.

06. තලංගම ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදූ පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 16 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමෝනියාව, උග්‍ර ශ්වසන අපහසුතාවය සහ හෘද රෝගී තත්ත්වයයි.

07. චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි. යාපනය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව ජාතික බෝවන රෝග විද්‍යායනනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 202] අප්‍රේල්‌ 15 වන දින මියගොස්‌ ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ්‌ 19 ආසාදනය සහ නිධන්ගත ලියුකේමියා තත්ත්වයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්