නවතම පුවත්

“අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ භාර්‍යාවන් නිසයි” – අගමැති

අසංක

අසංක

වර්තමානයේ බොහෝ දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්‍යාවන් නිසා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත “ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ. ආර්. ජයවර්ධන යුගයේ නොපළ කතා” කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත “එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්” යන කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

කාන්තාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති මෙවැනි කාල වකවානුවක එලීනා ජයවර්ධන වැනි නිහතමානී කාන්තාවක් පිළිබඳ කෘතියක් එළිදැක්වීම ඉතා කාලෝචිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද කීය.

“ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා මෙම කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන. මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ නිවසට ආසන්න නිවසක. එතන තවත් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කේ ඒ දවස් වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළි දැක්වීම කාලෝචිත ක්‍රියාවක්. අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්‍යාවන් නිසයි. මේ පොත කාන්තාවන් කියවන්න. එය කාන්තාවන්ට ඉතා වැදගත් වේවි”.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්