නවතම පුවත්

අද දින මෙරටින් හමුවූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් බේරෙන්න, එන්නත් මාත්‍රා දෙකම අවශ්‍යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අද දිනයේදී මෙරටින් වාර්තා වූ සිඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, දැනට රට තුල ව්‍යාප්ත වන ඇල්ෆා ( බ්‍රිතාන්‍ය ) කොවිඩ් ප්‍රභේදයටද වඩා 50% ක වේගයකින් සම්ප්‍රේෂණය වන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනතුරු අඟවා සිටී .

කොළඹ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයේ දී හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් පිරිසකගේ සිදුකළ ජෛව සාම්පල් පරීක්ෂණයේදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු පළමු වරට මෙරට සමාජය තුලින් අද දින  හඳුනා ගනු  ලැබීය .

මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීග්‍ර සම්ප්‍රේෂණ හැකියාව ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ ජීවන්දර  මහතා මෙසේද පැවසීය

“දැනට අපගේ රටේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරලා තියෙන ඇල්ෆා ( බ්‍රිතාන්‍යය) කොවිඩ් ප්‍රභේදය. එය ඊට පෙර වාර්තා වූ ප්‍රභේදයන් සමග සැසදීමේදී සියයට 50 කට වඩා වැඩි වේගයකින් සම්ප්‍රේෂණය වන බවටයි විද්‍යාඥයින් සොයා ගෙන තිබුනේ. නමුත් මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, වත්මන් ඇල්ෆා ප්‍රභේදයට වඩා සීයයට 50ක වේගයෙන් සම්ප්‍රේෂණය වනවා. එකට හේතුව වන්නේ L.452R කියන විකෘති ප්‍රභේදය නිසා S ප්‍රෝටීනය වැඩි වශයෙන් ඇග ඇතුලේ රැඳීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ ඉදිරියේදී මේ දක්වා ව්‍යාප්ත වුනු සියලු කොවිඩ් ප්‍රභේද අභිබවා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීමේ හැකියාවක් තිබෙනවා”

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් එන්නත්කරණයේදී ඉදිරියෙන් සිටින රටවල්, නමුත් ඩෙල්ටා ප්‍රභේදය නිසා ඒ රටවල නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා. මේ ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 02කම ලබා ගැනීම වැදගත් කියලා ලොවපුරා විද්‍යාඥවරුන් සිය දත්ත මගින් පෙන්වා දී තිබෙනවා. මේ දිනවල මෙරටේ වේගයෙන් කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම සිදුකරනු ලබනවා.

මේක ගෝලීය වසංගතයක්. අපට නව ප්‍රභේද ඇතුල්වීම නතර කරන්න කිසිදු රටකට හැකියාවක් ලැබී නැත්තේ ඒ නිසයි. මේ වසංගතයෙන් ආරක්ෂා වීමට සෑමවිටම යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න අවශ්‍යයි. ඒ වගේම හෙට දිනයේදී නැවත වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය නව කොවිඩ් ප්‍රභේදයන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ ආරම්භ කරනවා. අපිට ඉදිරි දින 7-10 තුලදී නව වාර්තාවක් ලබාදීමට හැකියාව තිබෙනවා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්