අද පාර්ලිමේන්තුවේත් ගෑස් ගැන විශේෂ රැස්වීමක්

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් අද (01) පෙරවරු 9.00ට රැස්වන බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට පවසා තිබේ.

මේ අතර හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් ලෙස 1311 හඳුන්වා දී තිබේ.

එම සමාගම විසින් පාරිභෝගිකයන් වෙත ගෑස් භාවිතය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇත.