අද රෑ සිට ලීත්‍රෝ ගෑස් මිල ඉහළට

Picture of අසංක

අසංක

ලිත්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.

කිලෝ ග‍්‍රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.

කිලෝ ග‍්‍රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සීමාව ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මෙම මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇත.