නවතම පුවත්

අද ලෝක වනජිවි දිනයයි – මාර්තු මස 03

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වඳවී යන සුවිශේෂි වනජීවී විශේෂ සම්බන්ධයෙන් එක් දිනකදී සමස්ත ලෝකවාසීන්ගේම අවධානය යොමු කරලීමේ අරමුණින් ලෝක වනජීවී දිනය ප‍්‍රකාශයට පත් කර ගැනීමේලා මුල් වූයේ සයිටීස් සම්මුතියයි. ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂයන් අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් වීම වැළැක්වීමේ අරමුණින් ලෝකයේ රටවල් කිහිපයක් එක් වී මෙම සම්මුතියට එළැඹුණි. ඒ හරහා ස්වකීය නිවැසි බිම් මතදීත් ජාත්‍යන්තර වෙළඳාමේ ඉලක්කයන් බවට පත් වීම නිසාවෙන් තර්ජනයට ලක් වූ ශාක සහ සත්ව විශේෂයන් විද්‍යාත්මක ක‍්‍රමවේදයක් මත හඳුනා ගෙන, ලැයිස්තු ගත කර ඒවායේ ජාත්‍යන්තර වෙළඳාම පාලනයට ලක් කිරීමේ අරමුණින් වර්ෂ 1973 මාර්තු මස 03 වන දින සිට සයිටීස් සම්මුතියට බැඳෙමින් තම රට තුළදී එම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කරමින් අත්සන් තැබීම සිදු විය. මේ වන විටදී එහි නිත්‍ය සාමාජිකත්වය දරනා රටවල් ගණන 173 කි.

2013 වසරේ මාර්තු මස 03 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වූ සයිටීස් පාර්ශ්වකරුවන්ගේ 16 වැනි සම්මේලනයේදී මාර්තු 03 වැනි දිනය ලෝක වනජීවී දිනය ලෙස නම් කිරීමට යෝජනා වූ අතර එම යෝජනාව සඳහා 2013 වසරේ දෙසැම්බර් මාසයේ ජීනීවාහීදී පැවැත්වෙන්නට යෙදුණු එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා සමුළුවේදී එකඟතාව ලැබුණු අතර ඒ අනුව සෑම වසරකම එළැඹෙන මාර්තු මස 03 වන දිනය ලෝක වනජීවී දිනය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෙදුණි.

ශ‍්‍රී ලංකාව තුළ සයිටීස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමේ බලතල පැවරී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. නීති විරෝධී වනජීවී වෙළදාම පාලනය කිරීම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවෙක් ලෙසින් 1979 වසරේ සිටම ශ‍්‍රී ලංකාවද සාමාජිකත්වය දරයි. සයිටීස් පාර්ශ්වකරුවන්ගේ 18 වැනි සමුළුව :ක්‍ෂඔෑී ක්‍දච 18* 2019 වසරේ මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති අතර ඒ කෙරෙහි සාමාජික සියලූ රටවල අවධානය ශ‍්‍රී ලංකාව වෙත යොමු වී ඇත. මෙවර පැවැත්වෙන සයිටීස් සමුළුව වෙනුවෙන් සහභාගි වන සාමාජික රටවල් හරහා මුළු මහත් ලෝකයටම අප රට සතු ජෛව විවිධත්වය, වනජීවී සංරක්ෂණ සංකල්පයන්, ජාත්‍යන්තර වශයෙන් සිදු වන වනජීවී අපරාධ වැළැක්වීමට ගෙන ඇති පියවර ආදිය පිළිබඳ පණිවුඩය රැුගෙන යෑමටද හැකි වනු ඇත.

ශ‍්‍රී ලංකාව පළමු වරට ලෝක වනජීවී දිනය සමරනු ලැබුවේ 2014 වසරේ මාර්තු මස 03 වැනිදාය. එදින මෙම දිනය තේමා කර ගනිමින් මුද්දරයක් සහ මුල් දින කවරයක්ද, ජෛව විවිධත්වයට අයත් වන සංස්කෘතික විවිධත්වය සංකේතවත් කර ගනිමින් ආදි වාසී ජනයා සහ තෙළිගු ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති සැමරුම් උළෙලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එසේම 2014 වසරේ ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදුණු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 65 වැනි සංවත්සරයට සමගාමීව ඔධඡු 7 උෂඛෘ ීඍෂ ඛ්භණ් නමින් සිරිලක තුළ වෙසෙන අහස්, බිම්, සයුරු යන පාරිසරික කලාපයන් තුළ වෙසෙන දැවැන්ත සත්ව විශේෂයන් 07 ක් නම් කිරීමත්, එම සත්වයන් සංරක්ෂණයේ වැදගත් කම කෙරෙහි ප‍්‍රජාවගේ වැඩි අවධානය යොමු කරලීමත් මෙහිදී සිදු විය. එම සත්වයන් වනුයේ අලියා, කොටියා, වළසා, නිල් තල්මසා, ගැට කිඹුලා, දාර කැස්බෑවා, අලි මානවාය. 2014 වසර තේමාව බවට පත් වූයේ ”ලෝකයේ වනජීවී අපරාධ මැඬලමු” යන්නයි. 2015 වසර නම් කළේ ”වනජීවී අපරාධ පිළිබඳව සිතිය යුතු කාලයයි” යන තේමාව යටතේ වූ ක‍්‍රියාකාරකම් වෙනුවෙනි. 2016 ලෝක වනජීවී දිනය ” වනජීවීන්ගේ ජීවිතය අපේ අතේ ” යන තේමාව යටතේ නම් කර තිබූ අතර එහිදී අපේ රටේ තර්ජනයට ලක්ව සිටින ජීවී විශේෂ 05 ක් හඳුනා ගෙන ඔවුන් සංරක්ෂණයට අවධානය යොමු විය. ඒ අතරට උණ හපුළුවා, කළු වදුරා, අශෝක පෙතියා, කබල්ලෑවා, ගේ කුරුල්ලා අයත්ය. 2017 වසර නම් කර තිබුණේ ‘‘තරුණ හඬට සවන් දෙන්න” යනුවෙනි. මීට සමගාමීව සෙසු වර්ෂයන් හා සමැව පාසල් සිසුන් අරඹයා දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් ක‍්‍රියාත්මක විය. එය වනජීවී සංරක්ෂණයේ බීජයන් පුංචි හිත් තුළ රෝපණය කර අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමට සූදානම් වීමක් ලෙසද හැඳින්විය හැකිය. මන්ද යත් රටේ තීරකයන්, නායකයන් බිහි වන්නේ අද දිනයේ පුංචි ළමුන් අතරින් බවත් සිහිකටයුතුයි. අද දිනයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව ඒ සිත් තුළ පැළ පදියම් වන සංකල්පයන් ඔවුන් වැඩි වියට පත් වත්ම යථාර්ථයක් බවට පත් වනු දැක්ම මෙවැනි වැඩමුළු සංවිධානය කිරීමේ එක් අරමුණකි.

– සදමල් රශ්මී ශී‍්‍ර බුද්ධික –

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්