අද සවස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට සවස් කාලයේදි හෝ රාත්‍රි  කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර, සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මි 75ට වැඩි තරමක් තද වැසි ඇති වෙයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදිත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.