අද සිට ඇඳිරිනීතිය මුළුමනින්ම ඉවතට

Picture of අසංක

අසංක

නව කොරෝනා ගෝලීය වසංගතය මෙරට තුළ ව්‍යාප්තිය පාලනය සඳහා පනවනු ලැබූ ඇඳිරිනීතිය අද (28) සිට බලපැවැත්වෙන පරිදි මුළුමනින් ඉවත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කර ඇත.

කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට ඇඳිරිනීතිය  පනවනු ලැබීය.

ඇඳිරි නීතිය ජූනි 13සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.