නවතම පුවත්

අද සිට ගෑස් සිලින්ඩර ලක්‍ෂය බැගින් වෙළඳපොලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගය ඊයේ පස්වරුවේ සිට ගොඩ බෑමත් සමගය.

ගෑස් අර්බුදය වඩාත් උත්සන්න කරමින් ඊයේ වනවිට බොහෝ ප්‍රදේශවල ගෑස් සැපයුම සමපූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබුණු අතර ගෑස් නොමැති වීම හේතුවෙන් මහල් නිවාසවල ජනතාව මෙන්ම විවිධ කර්මාන්තවලටද එල්ලවී තිබුණේ දැඩි බලපෑමක්.

දින 12 ක් තිස්සේ මෙම නෞකාව සහ තවත් නෞකාවක් කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබුණ අතර . කෙසේවෙතත් මෙම නෞකා දෙකට රුපියල් කෝටි 12කට ආසන්න ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවයි වාර්ථා වන්නේ.

කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දෛනික අවශ්‍යතාව 80,000ක්. එය සම්පූර්ණ කිරීමට ගෑස් මෙට්ට්‍රික් ටොන් 1,100ක් අවශ්‍යයි. ඒ අනුව ඊයේ පස්වරුවේ සිට ගොඩබෑ නෞකාවේ ඇති ගෑස් ප්‍රමාණවත් වන්නේ දින 03කට පමණි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්