නවතම පුවත්

අද සිට දුම්රිය වාර 70 ක් ක්‍රියාත්මක කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද ( 28) දින සිට දුම්රිය ගමන්වාර 70ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හෙට දින සිට ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මිරීගම,වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,දකුණු කලුතර,වාද්දූව ,පානදුර ,මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 5 ක් ද ,පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 8 ක් වශයෙන් ද උදෑසන කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රිය ප්‍රමාණය ද  කොළඹ කොටුව හා මරදාන සිට එම ප්‍රදේශය වලට නැවත සවස් කාලයේ ධාවනය කිරීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව පිණිස ජුනි 28 වන දින සිට  පළාත් අතර ( මහනුවර සිට කොළඹ කොටුව දක්වා ,බෙලිඅත්ත සිට මරදාන දක්වා , මහව සිට කොළඹ කොටුව දක්වා ) දුම්රිය ධාවනයට කටයුතු සැලසුම් කර තිබුන ද ජාතික කොවිඩ් 19 වැලැක්වීමේ කමිටුවේ අනුමැතිය ඒ සඳහා  නොලැබී මත තවදුරටත් පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවන බවද ඒ මහතා පැවසුවේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි