අද සිට පාසල් වල ශ්‍රේණී 3 ක ඉගැන්වීම් ඇරඹෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (27)  සිට යලිත් දිවයිනේ සියලු පාසල් වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දරුවන් පාසලට පැමිණීමේ දී, රැදිසිටිමේ දී සහ පිටවීමේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

මේ අනුව අගෝස්තු 10 වනදා සිට අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමේදී සියලුම ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටි.

එහෙත් සියලු අනධ්‍යයන සේවකයන් අඛණ්ඩව පාසල් වෙත වාර්තාකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.