නවතම පුවත්

මුඛ ආවරණ පැළඳ නැතිනම් ඉතාලියේ යුරෝ 1000ක දඩයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ඉතාලියේ කොරෝනා වැලැක්වීමේ පියවරක් ලෙස මුඛ ආවරණ පැලදීම අනිවාර්්‍ය කිරිමට නගර කීපයක් කටයුතු කරමින් ඇත ඒ අනුව ඉතාලියේ දකුණු නගරය වන සලර්නෝ හි වෙළඳ සැල් තුළදී මුඛ ආවණයක් පැලද නොසිටියහොත් යුරෝ 1000 දඩයක් නියම කිරිමට කටයුතු කර තිබේ. එසේම කැම්පානියා කලාපයේ වරාය නගරයේ පුද්ගලයන් තිදෙනෙකුට පසුගිය සෙනසුරාදා දින මුඛ ආවරණ පැලද නොසිටීමේ චෝදනාව මත යුරෝ දහසක දඩයක් නියම කර තිබේ.

කැම්පානියා ආණ්ඩුකාරවරයා වන වින්සෙන්සෝ ඩි ලූකා විවෘත ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1000 ක් දක්වා දඩ මුදලක් නියම අය කරගැනීමේ නීතියට අත්සන් කර තිබේ.

සංචාරක දූපතක් වන ඉෂියා ආශ්‍රිතවද මෙවැනිම දඩ මුදල් නියම කිරීමක් සිදුකර තිබේ.

ඉතාලියේ දකුණු නගරය වන සලර්නෝ හි වෙළඳ සැල් තුළදී මුඛ ආවණයක් පැලඳීමට අපොහොසත් වීම එහි පදිංචි බොහෝ දෙනෙකුට මිල අධික වනු ඇති බව කියැවෙයි.

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෙනසුරාදා ඉතාලියේ නව වෛරස් ආසාදිතයන් 275න් 21ක්ම කැම්පානියා පළාතෙන් වාර්තා වී ඇත. මිලියන 60ක ජනගහනයක් අතරින් ගතවූ දිනයේ මරණ 5ක් සමග සමස්ත මරණ සංඛ්‍යාවද 35,107ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 246,118කි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්