දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද සිට වරින්වර පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීම අත්හිටුවීම මීට හේතුවී ඇතැයි පැවසේ.
විදුලිබල මණ්ඩලය විසින් ලබාගත් ඉන්ධන සඳහා ගෙවීමට ඇති ණය මුදලට හිලව් ලෙස ඉන්ධන සැපයීම අත්හිටුවීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇති බව සඳහන් ය.