නවතම පුවත්

අන්තවාදී ගුරුවරයකු ගැන හර්ෂගෙන් අකිලට පැමිණිල්ලක්

අසංක

අසංක

ගම්පහ බණ්ඩාරවත්ත මහ විද්‍යාලයේ දරුවකු විසින් ගෙන ආ ඇට්ලස් පෑනක් දෙකට කඩා විසිකොට එම නිෂ්පාදන නොගෙන්නැයි තරවටු කළ බව කියන ගුරුවරයකු පිළිබඳ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

අන්තවාදී මතවාදයක සිටින බව කියමින් එම ගුරුවරයාට එරෙහිව පියවර ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට පැමිණිලි කර ඇත.

මුස්ලිම් ජාතීන්ගේ නිෂ්පාදන නොගෙනෙන්නැයි මෙම ගුරුවරයා විසින් දරුවන්ට පවසා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි සිද්ධීන් කිහිපයක් මීට පෙර ද වාර්තා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදන සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තම ආයතනයට එරෙහිව සමාජ ජාල තුළ අන්තවාදී අදහස් වපුරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්