නවතම පුවත්

අද සිට බිත්තර තොග මිල පහතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහා අද (07දා) සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් දහතුන දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

ග්‍රෑම් 55කට වැඩි බිත්තරයක තොග මිල රුපියල් දාහතක් බවත්, මේ මස අවසන් වනවිට ග්‍රෑම් 55කට වැඩි බරින් යුත් බිත්තරයක මිල රුපියල් දාහතරක් දක්වා පහත දැමීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා සඳහන් කළේය.

මේ වනවිට බිත්තර ඉල්ලුම ඉහළ යමින් තිබෙන අතර, මේ නිසා ජනතාවට සහන සැලසීම සඳහා බිත්තර මිල පහළ දැමීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

බිත්තරයක සිල්ලර මිල රුපියල් විසිදෙක දක්වා ඉහළ ගිය බවත්, එහෙත් තොග මිල පහත දැමීමත් සමග සිල්ලර මිල රුපියල් 20 දක්වා අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.  

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්