දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී .
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල වැසි වැඩිවීම අපේක්ෂා කළ හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි .
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.