පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධාන කළ දන්සල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
විසින් අද (16) දින ක්‍රියාත්මක කර ඇත.
පොසොන් පොහොය වෙනුවෙන් අද පැවැත්වෙන දන්සල් සංඛ්‍යාව 7870 කට අධික වන අතර එම දන්සල් වල පවිත්‍රතාවය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වවන බව සංගමය සඳහන් කර සිටී .
මේ අතර වන්දනා ගමන්වල නිරත වන ජනතාව ජලය පානය කිරීමේදී හා ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු බව සංගමය පවසයි. වැඩිදුරටත් පැවසුවේ ය.
ආහාර සම්බන්ධයෙන් කුමන හෝ පැමිණිල්ලක් ඇත්නම් 011 2 635 675 යන දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර සිටී