අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළා” – අගවිනිසුරු

Picture of අසංක

අසංක

“ඉෂාර රත්නකාර

තම ධුර කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ශේෂ්ඨාධිකරණයේ උත්සව ශාලාවේදී අද ප්‍රකාශ කළේය.

අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය ඉතා බරපතළ මෙන්ම සංකීර්ණ බව පෙන්වා දුන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා එම කාර්යභාරය තමන් මැනවින් ඉටුකිරීමට සියලු උත්සාහ දැරූ බවත් ප්‍රකාශ කළේය.

ලබන 28 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරු නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල හමුවට එක්වෙමින් අගවිනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේදී පැවැති මෙම සමුදීමේ නිල හමුව සදහා අධිකරණ විනිසුරුවන් නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නලීන් පෙරේරා මහතාට ඉකුත් 2018 ඔක්තෝබර් 22 වැනිදා අගවිනිසුරු ධුරයට පත්කරන ලදී.