ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට යැවූ බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණු අතර අලි සබ්රි මහතා එම සියලු කරුණු ප්‍රතික්ෂේප කළේය.
කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අමාත්‍යවරයා රජයේ වැඩපිළිවෙළට වඩා වෙනස් මතයක සිටීම හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවට එම මාධ්‍ය වාර්තා කර තිබිණ.