නවතම පුවත්

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ICTA සමඟ ගිවිසුම් අත්සන් කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රිගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම ආරම්භ කෙරේ. අධිකරණ පද්ධතියේ ලිපිගොණු පවත්වාගෙන යාම, අධිකරණ පද්ධතිය කළමනාකරණය, නඩු වාර්ථා තබාගැනීම හා නඩු වාර්ථා නිකුත් කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුළු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ඊයේ දින (2021.02.11) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

මීට පෙර යම් යම් අංශ පරිඝණකගත කිරීම් සිදුවුනත් ශ්‍රී ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම පිළිබදව ඒකාබද්ධ වන පුළුල් නව වැඩපිළිවෙලක් මෙමඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි පලමු අදියර ලබන 2021 වසරේදී අවසන් කිරීමට අපේක්ෂිතය.

ඩිජිටල්කරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් ඇතුළු තාක්ෂණික මෙහෙයුම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් සිදුකෙරෙනු ඇත. සමස්ථ අධිකරණ පද්ධතියට අදාළ තොරතුරු හා වාර්තා, නඩු ලිපිගොණු ශ්‍රී ලංකා තොරතුරු මේඝයේ (Lanka Government Cloud) ඇතුලත් කිරීමෙන් එහි ආරක්ෂාව තහවුරු කෙරේ. (Data Security)

මෙම ව්‍යාපෘතිය මඟින් අධිකරණ කටයුතු විධිමත් වීම කඩිනම් කිරීම, විනිවිදභාවය, වියදම් අවමකර ගැනීම ඇතුළු වාසි රැසක් හිමිවේ. කෙටි පණිවඩ සේවා මඟින් අදාළ පාර්ශවයන්ට අධිකරණ කටයුතු දැනුම්දීමද සිදුකෙරෙනු ඇත. නීතිඥවරුන්, නීතිඥ සමාගම් රජය හා අදාළ අනෙකුත් පාර්ෂවයන්ට ලැබෙන වාසිදායක තත්වයන් නිසා අධිකරණ පද්ධතියේ ගුණාත්මක භාවයද වර්ධනය වනු ඇත.

එමඟින් ව්‍යාපාර පවත්වාගෙන යෑමේ සත්‍යතා දර්ශකයේ (Doing Business Index) අන්තර් ජාතිකාව ඉදිරියට යෑමට හැකිවන අතර එය ආයෝජන ආකර්ෂණය වැඩිවීමටද හේතුවනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යන හා ප්‍රසම්පාදන කටයුතු ලබන මාර්තු මාසයේදී ක්‍රියාවට නැගීමට අපේක්ෂිතයි. එහිදී  මෙරට සැපයුම් කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවන අතර මූලික අරමුදල් සැපයීම මහා භාණ්ඩාගාරය මඟින් සිදුකෙරේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි