අධික උණුසුම තව සති දෙකක් පවතී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි සති 02 ක පමණ කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

දිවයිනට බලපාන අන්තර් මෝසම් සමයන් තුළ මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

පොළෛාන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත