නවතම පුවත්

අලුත් අවුරුද්දෙන් පසු එජාපය අලුත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇත .

ඒ අනුව නීතිඥ සංගම් ,වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිති ඇතුළු සියලුම සංවිධාන යළි බල ගැන්වීමේ කටයුතු ආරම්භ කරන ළේආ රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත

ඉදිරි මාස හයක කාලයේදී පක්ෂයට සම්බන්ධ තරුණ හා කාන්තා සංවිධාන ද සම්පූර්ණයෙන්ම නවීකරණය කර වත්මන් යුගයට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධාන කිරීම ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ,උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත ප්‍රතිසංවිධාන කටයුතු සිදුවන බවද පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්