නවතම පුවත්

අධික වැසි හා නායයාම් නිසා 12ක් මරුමුවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ) 

මේ වන විට දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට 12 දෙනෙක් මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දින කිහිපයක් තුළ මෙම මරණ සිදුව ඇති අතර ගෙවී ගිය පැය 24 තුළ සිදුව ඇති මරණ ගණන 05 කි. මරණ 04 ක්ම සිදුව ඇත්තේ නායයාම් වලිනි.

සෙසු මරණය වාර්තා වී ඇත්තේ කෑගල්ල කෝඳාපාලුව ප්‍රදේශයෙනි. ඒ මා ඔයේ ඔරු පැදීමට ගිය 18 හැවරදි තරුණයෙකි.

රඹුක්කන දොඹේමඩ නිවසකට අද අළුයම පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ ජීවත්වූ මවක් සහ දියණිවරු දෙදෙනෙක් මිය ගියේය. මව 36 වියැති තැනැත්තියක් වන අතර දරුවන් දෙදෙනා 13 වැනි වියේ සහ 08 වැනි වියේ පසුවන්නන්ය.

එම පවුලේ ගෘහමූලිකයා වන දරුවන්ගේ පියාද මෙම අනතුරින් තුවාල ලබා කෑගල්ල රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

නාරම්මලද නිවසක් මත පස්කන්දක් කඩා වැටීමෙන් කොළඹ පුද්ගලික රෝහලක හෙදියක් මිය ගියාය. ඇය 23 වැනි වියැතිය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 17 ක ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 93 ක පුද්ගලයින් 28,263 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට පීඩාවට පතව සිටින බවය.

සුළං, ගල් පෙරළීමෙන් සහ පස්කදු කඩාවැටීමෙන් නිවාස 13 කට පූර්ණ හානි සහ නිවාස 802 කට අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්