මාතලේ ඇතුළු දිස්ත්‍රීක්ක දහයක අධිතාක්ෂණික විශ්ව විද්‍යාල ඉදිකරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා

උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කළුතර,ගාල්ල,හම්බන්තොට,අනුරාධපුර,පොළොන්නරුව,

මාතලේ පුත්තලම,මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන ඇති අතර , දිස්ත්‍රික්ක පහක ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විටත් අවසන් කර ඇතැයි අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.