දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද පෙරවරු 11.45 ට පමණ ගැලනිගම සහ දොඩංගොඩ අතර, 30 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මෝටර් රථ 8ක් එනිනෙක ගැටී අනතුරු සිදුව තිබේ.
ඒ හේතුවෙන් මාතර දක්වා ගමන්ගන්නා මංතීරුවේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
අජිත් රෝහණ සඳහන් කරයි.
ඉන් වෑන් රථයක ගමන් ගත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත.
මෙම වාහන තදබදය යථාතත්වයට පත්කරගැනීමට බොහෝ වේලාවක් ගතවනු ඇති බව පැවසේ.
2019 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින ගැලනිගමදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් මේ අකාරයේම දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණි.
සෑම වසරකම වැඩිම රිය අනතුරු සිදුවන්නේ මේ දිනවල බැවින් එබැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස පොලීසිය දැනුම් දෙයි.