නවතම පුවත්

අවුරුදු දා රිය අනතුරු 121ක් – මරණ 14ක්

අසංක

අසංක

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදුණු ඊයේ (14) දින රථවාහන අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

අධිවේගී මාර්ගවල අනතුරු 12 ක් සිදුවී ඇති අතර වෙනත් ස්ථානවලින් අනතුරු 109 ක් වාර්තා වී තිබේ.

පසුගිය අඟහරුවාදා වාර්තා වූ අනතුරු 121 කින් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුරුවලින් බොහොමයක යතුරුපැදි 53 ක් සහ ත්‍රිරෝද රථ 30 ක් සම්බන්ධ වී තිබේ.

පසුගිය පැය 24 තුළ බීමත් රියදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේය.

මත්පැන් පානය කර රිඅ පැදවූ රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මේ අතර, පෙර වසරවලට සාපේක්ෂව අපේ‍්‍රල් මාසයේ උත්සව සමයේ වාර්තා වූ මෝටර් රථ අනතුරු වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්