අධිවේගී මාර්ග නිසා ආර්ථිකයට හානි වුනාද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ආර්ථිකයට දරාගැනීමට නොහැකි තරමට , අධිවේගී මාර්ග ඉදිකිරීම, වත්මන් ආර්ථික අර්බුදයට එක් හේතුවක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ . ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩල ලේකම් වරයෙකු ද ලෙස කටයුතු කළ එස් අමරසේකර පවසයි

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ තමන් 2006 වසරේදී එවකට සිටි බලධාරීන් දැනුවත් කල බවද අමරසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය .

අනවශ්‍ය ආකාරයට යටි තල පහසුකම් සඳහා ආයෝජනය කිරීම ගැටළුවක් බවත් , ඒ ගැන තමා අවස්ථා කීපයකදීම අදාළ බලධාරීන් වෙත දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය .

ඉක්මනින් ප්‍රතිලාභ නොලැබෙන , මහාමාර්ග අධිවේගී මාර්ග වැනි ආයෝජනයන් , ක්‍රියාත්මක කලයුත්තේ මෙරට ආර්ථිකයට දැරීමට හැකි සීමාවට පමණක් වන බවද ඒ මහතා පැවසීය .