නවතම පුවත්

අධි තාක්‍ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කල ශ්‍රී ලාංකික සිසුවිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් විසින් අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින ප්‍රභානි රණවීර නම් තරුණියයි.

සිය පශ්චාත් උපාධි පර්යේෂණය තුළින් ඇය මෙලෙස අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කර ඇත.

SBS Language | Sri Lankan researcher from Sydney creating a high-tech body  armour speaks with SBS Sinhala

දැනට ලෝකයේ භාවිතයට ගනු ලබන්නේ වානේ වෙඩි නොවදින ඇඳුම් වන අතර වානේ බර වැඩි වීම හේතුවෙන් මේ වනවිටත් ලොවපුරා වානේ සහ ඇලුමිනියම් යොදාගනිමින් වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට පර්යේෂණ ක්‍රියාත්මක බවයි ඇය පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ප්‍රභානි විසින් නිර්මාණය කර ඇති මෙම නව නිර්මාණයේ තවදුරටත් බර අඩු කර ඇති අතර ඒ සඳහා වානේ, ඇලුමිනියම් සහ ටයිටේනියම් යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දැනට පවතින වානේ වෙඩි නොවදින ඇඳුම භාවිත කිරීමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් නොවුන ද ඉන් ඇතිවන තරංග හේතුවෙන් සිරුරේ අභ්‍යන්තරයේ අවයවවලට හානි සිදුවිය හැකි බව ඇය පැවසීය.

එමගින් වෙඩි ප්‍රහාරය එල්ලවූ මොහොතේ එය පැළඳ සිටි පුද්ගලයාට හානියක් සිදු නොවුනද මද වෙලාවකින් ජීවිත හානි තත්වයන් පවා ඇතිවිය හැකි බවද ඇය පෙන්වාදෙයි.

ඒ අනුව මෙම ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුම තුළින් එම පසු කම්පනයන් සියයට 80කින් පමණ අඩුකිරීමට සමත්වන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

ඇය මෙරට මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර උසස් අධ්‍යාපනයෙන් අනතුරුව තායිලන්තයේද අධ්‍යාපනය හදාරා ඇති ඇය මේ වනවිට ශිෂ්‍යත්වයක් ලබා සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය පශ්චාත් උපාධිය හදාරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්