අනතුරකින් ලංවිම ඉංජිනේරුවන් ඇතුළු තුනක් මරුට

Picture of අසංක

අසංක

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණ ඇල්ල ආසන්නයේ දී අද උදෑසන වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු සහ රියදුරු මියගොස් තිබේ.

තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ද විදුලි ඉංජිනේරුවරුන් බව වාර්තා විය.

තුවාල ලැබූවන් බදුල්ල සහ වැල්ලවාය රෝහල්වලට ඇතුළත් කර ඇත.

අවමංගල්‍යයකට සහභාගි වී යළි පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.